මෙරට ඉල්ලීමට චීන රජයෙන් ප්‍රතිචාර! බිලියන 61.5ක ගිවිසුමකට අත්සන් තබයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

මෙරට ඉල්ලීමට චීන රජයෙන් ප්‍රතිචාර! බිලියන 61.5ක ගිවිසුමකට අත්සන් තබයි

චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රෙන්මිඹි බිලියන 2ක කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළඹි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5ක මුදලක්.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම ලබාදුන් බව එම පණිවුඩයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතුකර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad