අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්!

කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිට තිබෙන්නේ තංගල්ලේ නිවසේ.

අදාළ සංශෝධනය පිළිබඳව එය සිදුවීමට පෙර මෙන්ම පසුවද ඇමතිවරු කිහිපදෙනෙකු තංගල්ලේ සිටි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

අටුවා කතාව අගමැතිට ගිය හැටි

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු සෞඛ්‍ය ධුරයෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමු ගැනීමේ උත්සවයේදී කළ මතභේදාත්මක "රජාගේ සහ පුරෝහිතගේ" අටුවා කතාව ගැන ඇතමුන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කොට තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා දී තිබෙන්නේ අපූරු පිළිතුරක්.

මේ තනතුරු තාවකාලිකයි

"ඔය සංශෝධන වලට කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ.අපි කවුරුත් හැමදාම ඇමතිකම් කරන්න ආවේ නැහැ.ඒ නිසා මේ ඇමතිකම් තාවකාලික බව හැමදෙනාම තේරුම් ගන්න ඕනේ.මම මීට වඩා දේවල් වලට මුහුණ දීලා තියෙනවා.චන්ද්‍රිකාගේ කාලේ.දේශපාලනයේ හැටි ඔහොම තමයි."

අග්‍රාමාත්‍යවරයා කැබිනට් සංශෝධනය ගැන කලකිරිච්ච අමාත්‍යවරුන්ට දෙන පණිවිඩය එයයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යධූර වෙනස් කළ ඇමතිවරුන් පමණක් නොව අලුතින් කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටි පිරිසද යම් කලකිරීමක සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

-asian mirror


No comments:

Post a Comment

Post Bottom Ad