පඩි කපාගන්නා මහින්දගේ යෝජනාවට කැබිනට් අනුමැතිය! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

පඩි කපාගන්නා මහින්දගේ යෝජනාවට කැබිනට් අනුමැතිය!

කොවිඩ්-19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප ද කොරෝනා ව්‍යසනයෙන් පීඩා විඳින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබාගැනීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ (අගෝස්තු 22)  දිනයේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගත් බවය.

එමෙන් ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප ද සෞඛ්‍ය අංශවලට පිරිනැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad