රට වහන්න කියා ලියුම් ගහලා බැනුම් අහපු විමල්ලා කැබිනට්ටුවට එයි! ආණ්ඩුවෙන් ‘හ්ම්’ සද්දයක් නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

රට වහන්න කියා ලියුම් ගහලා බැනුම් අහපු විමල්ලා කැබිනට්ටුවට එයි! ආණ්ඩුවෙන් ‘හ්ම්’ සද්දයක් නෑ!

ඊයේ (23) සවස පැවැත්වී ඇති කැබිනට් මණ්ඩල රැස්වීමට ආන්දෝලනයට තුඩු දී සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් සහභාගී වී ඇති බව වාර්තා වේ. සෞඛ්‍යමය හේතු මත සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වී ඇති මෙම හමුවට අදාළ ඇමැතිවරුන් සහභාගී වී ඇතත් ඔවුන් ඉකුත් සතියේ නිකුත් කළ ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් සිදුව නැති බව දැනගන්නට ඇත.

එහිදී ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායම පවතින තත්ත්වය යටතේ රටේ ආර්ථිකය සහ හිගයකින් තොරව ‌ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආදිය සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ් රට සති 3කට වසා දමන ලෙසට ආණ්ඩුව ඇතුළේ සිටින පක්ෂ 10ක් අස්සන් තැබූ ලිපියක් මාධ්‍යයට නිකුත් කෙරුණු අතර පසුව ‌පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් මාධ්‍ය සාකච්ජාවක් කැදවා ඊට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad