පැණි බීමෙන් මුට්ටි ගඟට දැමීමෙන් වසංගතයට විසඳුම් හොයන්න බෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

පැණි බීමෙන් මුට්ටි ගඟට දැමීමෙන් වසංගතයට විසඳුම් හොයන්න බෑ

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා විසඳුම් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම හරහා බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. පැණි බීමෙන් හෝ මුට්ටි ගඟට දැමීමෙන් වසංගතය මර්දනය කළ නොහැකි බව සියලු දෙනාම අවබෝධ කරගත යුතු බව ඇමිතවරයා පවසනවා.

මාතරදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වන අගෝස්තු 30 වැනිදා වනවිට එන්නත්කරණය සාර්ථකව අවසන් කිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුව බවත්, ඒ සඳහා ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad