රට වහන්න කිසිම තීරණයක් නෑ - ජනාධිපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

රට වහන්න කිසිම තීරණයක් නෑ - ජනාධිපති

රට වසා දැමීම සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

වයස අවුරුදු 60 ඉක්මවූ නිදන්ගත රෝග තිබෙන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට PCR පරීක්ෂණ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

කොරෝනා ආසාදනයෙන් මිය යන බහුතර පිරිස වයස 60 ඉක්මවූ නිසා ඔවුන් මරණයෙන් බේරා ගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad