පාස්කු ප්‍රහාරයට නම ගෑවුණු පොලිස් ලොක්කන්ගේ මහනුවර ගමන ගැන කතෝලික සභාව පරීක්ෂණයක් ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

පාස්කු ප්‍රහාරයට නම ගෑවුණු පොලිස් ලොක්කන්ගේ මහනුවර ගමන ගැන කතෝලික සභාව පරීක්ෂණයක් ඉල්ලයි!

පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් පිරිසක් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමට පැමිණ පාස්කු ප්‍රහාරය පිළිබදව පළ කළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස කතෝලික සභාව බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ජාතික කතෝලික සමාජ සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක සහ කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ දේවගැති සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පෙන්වා දී ඇත්තේ රටේ නීතිය හා සාමය තහවුරු කිරීමේ වගකීම පැවරී ඇති පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් සැරසී තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ආගමික නායකයින් දැනුවත් කිරීම සහ මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම පිළිගත නොහැකි බවය.

යමෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වුවහොත් ඔවුන් නීතිමය පියවරයන්ට මුහුණ දිය යුතු අතර පසුව ඔවුන් නිවැරදි නම් නීතිය ඉදිරියේ එය ඔප්පු කළ හැකිය. එවැනි තත්වයක් තුළ, පොලිස් නිලධාරීන් ආගමික නායකයින් වෙත ගොස් ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වලින් ගැලවීමට උත්සාහ කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව පියතුමා සදහන් කොට ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිංහල ජනතාවට ද දඩුවම් කරන බව ඇතැම් පොලිස් නිලධාරීන් පැවසූ බවත් මෙය ඉතා බරපතල ප්‍රකාශයක් බවත් උන්වහන්සේ කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad