තව මාසයක් ඉවසන්න... ප්ලෑන මම දැන් අඳිනවා - රනිල්ගෙන් තරුණයින්ට පණිවිඩයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

තව මාසයක් ඉවසන්න... ප්ලෑන මම දැන් අඳිනවා - රනිල්ගෙන් තරුණයින්ට පණිවිඩයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ලොකු සැලසුමක් සූදානම් කරමිනුයි සිටින්නේ.

සැප්තැම්බර් 6 සැලැස්ම

ඒ හරියටම තව මාසෙකින් එනම් සැප්තැම්බර් 6 වෙනිදා පක්ෂයට ඉදිරිපත් කරන වැඩ පිළිවෙළයි.

එළඹෙන සැප්තැම්බර් 6 වෙනිදාට එ.ජා.ප යේ 75 වන සංවත්සරය යෙදී තිබෙනවා.

එදිනට දැනට එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පමණක් සීමා වී තිබෙන එක්සත් ජාතික පක්ෂය යළි මේ රටේ බලය ගන්නා සැලැස්ම ඉදිරිපත් කරන බවට වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් අමතා.

විපක්ෂයට විසඳුම් නැහැ

වර්තමානයේ විපක්ෂයේ සිටින කිසිම පාර්ශ්වයකට පවතින තත්ත්වයන් වෙනස් කිරීමේ හැකියාවක් නැති බවයි වික්‍රමසිංහ මහතා මේ තරුණ පිරිසට පෙන්වා දී තිබෙන්නේ.

1956දී ආසන 8ට වැටුනු එ.ජා.පය ඉන්පසු යළි රටේ බලය ගත් ආකාරයද වික්‍රමසිංහ මහතා මේ තරුණ පිරිසට මතක් කරදී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad