කාදිනල් හිමි යැවූ ලියුම පාප් වහන්සේ බලලා! වතිකානුවෙන් නිල දැනුම්දීමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

කාදිනල් හිමි යැවූ ලියුම පාප් වහන්සේ බලලා! වතිකානුවෙන් නිල දැනුම්දීමක්!

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෙතෙක් සාධාරණය ඉටුවී නොමැති බවට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ විසින් පාප් වහන්සේ වෙත යවනු ලැබූ ලිපියට උන්වහන්සේගේ අවධානය යොමුව ඇති බව අනාවරණය වේ.

සිරිල් ගාමිණී පියතුමන් විසින් මේ බව මාධ්‍ය හමුවේ සදහන් කොට ඇත.

මෙමඟින් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට බලකිරිමක් සිදුවන බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“අපිට තවමත් පේන්නේ නෑ මේ පිළිබඳ නියම සත්‍යය හෙළිදරව් වෙනවා කියලා. ඒ නිසා අපිට ජාත්‍යන්තරය කරා යෑමට එක්තරා විදියක බලකිරීමක් ඇතිවෙලා තිබෙනවා මේ තත්ත්වය නිසා. අපි විශ්වාස කරනවා ශුද්ධෝත්තම පියතුමාත් වතිකානයේ තියෙන යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාවත් ඒ අය මේ ගැන විමසිල්ලෙන් සිටින බව. අපි විශ්වාස කරනවා වතිකානයේ නිල වෙබ් අඩවිය මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තවමත් රජයෙන් මේ විමර්ශන, නඩු කටයුතු ඒ වගේම තවදුරටත් විමර්ශනය කරන්න තියෙන දේවල් වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ  ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙළිදරව් කළ කුමන්ත්‍රණය කුමක් දැයි කියලා හෙළිදරව් කිරීම ඉතාම අවශ්‍යයි.”


No comments:

Post a Comment

Post Bottom Ad