රට වහනවාද? දැඩි තීන්දුවකට ජනපති හදිසි රැස්වීමක් කැඳවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 6, 2021

රට වහනවාද? දැඩි තීන්දුවකට ජනපති හදිසි රැස්වීමක් කැඳවයි

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද(06) පැවැත්වීමට නියමිතයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රෝහල්වල ධාරිතාව ඉක්මවීම සහ මෙරට එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ජාවට හමුදාපතිවරයා, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මෙහිදී දැඩි තීන්දු රැසක්ම ගැනීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad