පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට අත්වන ඉරණම ගැන කාදිනල් හිමිගෙන් අනාවැකියක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට අත්වන ඉරණම ගැන කාදිනල් හිමිගෙන් අනාවැකියක්!

පාස්කු ප‍්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන්, එම ප‍්‍රහාරයේ වින්දිතයන් මුහුණ දුන් ඉරණමටම නුදුරු දිනයක දී මුහුණ දෙනු ඇතැයි, මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.

මෙරට ඇතැම් දේශපාලඥයන්, ඔවුන් විසින් සිදු කරනු ලැබ තිබූ සාහසික කි‍්‍රයාවන්ට සමාන වූ අවසන් ඉරණමට මුහුණ දුන් බව ද උන්වහන්සේ සිහිපත් කරති.

පාස්කු ප‍්‍රහාරය සැලසුම් කළ අයද එවැනිම ඉරණමකට මුහුණ දෙනු ඇතැයි කාදිනල් හිමියෝ පවසති.

පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිදරව් කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බවත්, මහමොළකරුවන් හෙළිකර ගැනීම සදහා දෙවියන් වහන්සේ සමග එක්ව කටයුතු කරන බවත් කාදිනල් හිමියෝ පවසති.

අද පැවති දේවමෙහෙයකදී උන් වහන්සේ එසේ පැවසූ බව, ඬේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad