ප‍්‍රසිද්ධ හිමිනමකගේ ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ : GOSSIP - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

ප‍්‍රසිද්ධ හිමිනමකගේ ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ : GOSSIP

ප‍්‍රසිද්ධ හිමිනමකගේ ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ

මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක තිබී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික්හින්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම රථයේ තිබී මත්පැන් බෝතල් 25ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වෙද්දී මෙසේ අත්අඩංගුව ගන්නා ලද පුද්ගලයා ජීප් රථයේ රියදුරු වන අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට මත්පැන් සහ ජීප් රථය පොලිසිය භාරයේ පවතින අතර මැණික්හින්න පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad