ජාත්‍යන්තර කුමන්ත්‍රණයක බළල් අත්... පහත් වැඩක්... ජනපතිට ලියුම් ලියපු විමල්ගේ දහයේ කල්ලියට පොහොට්ටුවෙන් බරපතළ ප්‍රහාරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක බළල් අත්... පහත් වැඩක්... ජනපතිට ලියුම් ලියපු විමල්ගේ දහයේ කල්ලියට පොහොට්ටුවෙන් බරපතළ ප්‍රහාරයක් - (video)

කැබිනට් මණ්ඩලයේ එකට සිට රට වසා දමන‌ ලෙසට කිසිවක් ප්‍රකාශ නොකොට එළියට විත් රට වසා දමන ලෙසට විමල් වීරවංශ මහතා ඇතුලු ආණ්ඩුවේ කොටසක් ලිපි ලිවීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බව ‌ඔ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද අවධාරණය කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාත්, පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාත් මේ බව අවධාරණය කර සිටියේය.

මෙහිදී ලොකුගේ මහතා කියා සිටියේ මෙම කණ්ඩායම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කණ්ඩායමක බළල් අඅත් ලෙස කටයුතු කරන බවට සැක මතුවී ඇති බවකි.

මෙම කණ්ඩායම මෙවැනි ක්‍රියාවක් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු සදහන් කර සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad