"ජනපතිතුමනි මේ වගේ පහත් වැඩ කරන්න දෙන්න එපා" - විමල් ඇතුළු පිරිසට සාගරගෙන් දැඩි ප්‍රහාරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

"ජනපතිතුමනි මේ වගේ පහත් වැඩ කරන්න දෙන්න එපා" - විමල් ඇතුළු පිරිසට සාගරගෙන් දැඩි ප්‍රහාරයක් - (video)

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂවල කණ්ඩායම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක බලල අතක් ලෙස කටයුතු කරන්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරයි. එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේදී රට වසා දමන්නැයි කිසිදු යෝජනාවක් නොකර එළියට විත් රට වසා දමන්නැයි ජනාධිපතිවරයාට ලිපි යැවීම පිළිගත නොහැකි බවයි.

එම මාධ්‍ය හමුවේ දී අදහස් පළකරමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ මෙම කණ්ඩායම මේ ආකාරයේ ක්‍රියාවක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් යළිත් එවන් කටයුතු නොකරන ලෙස දැඩි තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් ය.

මෙම පිරිස සන්ධාන රජයේ කැබිනට් ඇමති ධුර දරමින් විවිධ වරප්‍රසාද ලබමින් ජනතාව හමුවේ බොරු වීරයන් වීමට උත්සාහ දරන බව ද ඔහු චෝදනා කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad