'අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…' - තිරු නඩේෂන් අල්ලස් කොමිසම ඉදිරියේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

'අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…' - තිරු නඩේෂන් අල්ලස් කොමිසම ඉදිරියේ!

තමන් සහ තම බිරිඳ රටින් පිටව ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා සඳහන් කරයි.

මේ රට අතහැර වෙනත් රටකට යාමේ උවමනාවක් කිසිසේත්ම නැති බවද ඔහු කියා සිටී.

පැනඩෝරා පත‍්‍රිකා මගින් තමනට එල්ල වී ඇති චෝදනා වල කිසිදු පදනමක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

පැන්ඩොරා පත්‍රිකා මගින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව හමුවට පැමිණ සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන්නේ මසක් ඇතුළත වාර්තාවක් ලබා දීම සඳහාය.


No comments:

Post a Comment

Post Bottom Ad