මට ඇමතිකමක් දිය යුතුයි.. මා ඉන්නේ කලකිරීමෙන් - ආණ්ඩුවේ මන්ත‍්‍රී මාධ්‍ය කැදවා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

මට ඇමතිකමක් දිය යුතුයි.. මා ඉන්නේ කලකිරීමෙන් - ආණ්ඩුවේ මන්ත‍්‍රී මාධ්‍ය කැදවා කියයි

තමන්ට යම් කිසි අමාත්‍යධූරයක් හිමි විය යුතු යැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රැකීමටත් තමා සැමදා කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මාතලේ පිහිටි තම කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් හැමදාම පක්ෂයත් නායකයෙක් පුද්ගලයෙක් බවත් එනිසා තමන්ට යම් තනතුරක් හිමිවිය යුතු බවත් පැවසූ ඔහු පවතින තත්ත්වය මත ඒවා කෙසේ විසඳේවි දැයි නොදන්නා බවද පැවසීය.

මෙම තත්වයන් නිසා ඇතැම්විට කලකිරීමක් ඇති වන බවත් මන්ත‍්‍රීවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad