ගැසට් 07ක් රිවස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 3, 2021

ගැසට් 07ක් රිවස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට !

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

මීට පෙර රජය මගින් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදන 07ක් මෙම නව අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අහෝසි කර ඇත. 

ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad