කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය.

කොන්දේසි දමා භාණ්ඩ විකිණීමට වෙළද ඇමතිගේ උත්සහය නීති විරෝධීයි.

සතොස අලෙවිසැල් හරහා සීනි හා සහල් මිලදී ගැනීමට නම් වෙනත් භාණ්ඩ මිලදී ගතයුතු බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගියදා කළ ප්‍රකාශය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතට සම්පූර්ණ පටහැනි ප්‍රකාශයකි. කිසිදු කොන්දේසියක් දමා භාණ්ඩ විකිණීම උක්ත නීතියෙන් තහනම් කොට ඇත.

ඒ පිළිබදව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තියේ පැහැදිලිව සදහන් කර ඇත. පනතේ එසේ සදහන්ව තිබියදී එම නීතිය උල්ලංඝණය කිරීමට උත්සහකිරීම අප සංවිධානය දැඩිව හෙළාදකින අතර ‌2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත හොදින් කියවන ලෙස අප වෙළද අමාත්‍යවරයාට අවධාරණය කරන අතර මීට පෙර සතොස ආයතනය පාරිභෝගිකයින්ට කොන්දේසි දමා භාණ්ඩ අලෙවි කිරීමක් පිළිබදව අප විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය විසින් දඩ නියමකර ඇත.

කිසියම් වෙළෙන්දෙකු හෝ ආයතනයක් භාණ්ඩ අලෙවි කිරීමේදී කුමන හෝ කොන්දේසියක් දමන්නේනම් පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට පැමිණීල කරන ලෙස අප පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තිය

ගැණූම්කරු විසින් භාණ්ඩයෙහි මිල නොපමාව ගෙවිය යුතු යුතුය යන කොන්දේසිය හැර වෙනත් යම් භාණ්ඩයක් මිලට ගැනීම නියම කිරීමේ හෝ යම් සේවාවක් වෙනුවෙන් යම් ගෙවීමේ කිරීමේ කොන්දේසියකට හෝ වෙනත් යම් කොන්දේසියකට හෝ යටත්ව ඒ් භාණ්ඩය විකිණීම සදහා ඉදිරිපත් කිරීම නොකළයුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


No comments:

Post a Comment

Post Bottom Ad