යුගදනවි ගිවිසුම මා දැක්කේ නෑ..- බැසිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 3, 2021

යුගදනවි ගිවිසුම මා දැක්කේ නෑ..- බැසිල්

යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ කිවු ෆෝටෙ‍්‍රස් සමාගමට ලබා දීම සඳහා අත්සන් කළ ගිවිසුම තමන් දැක නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඉකුත්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා සිටින්නේ යාබද කාමර දෙකක බවද පැවසූ ඔහු මාස දෙකක කාලයක් තිස්සේ අදාළ ගිවිසුම මුදල් අමාත්‍යවරයාද දැක නැති නම් එය බරපතල කාරණාවක් බවද ජයසේකර මහතා සඳහන් කළේය.

ගුවන්විදුලි නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

දැනට අත්සන් තබා ඇත්තේ පෙර සැකසුම් ගිවිසුම පමණක් බවත් වැදගත්ම ගිවිසුම් ඉදිරියේ දී අත්සන් තබන බවත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා පක්ෂ නායක හමුවේ දී ඉල්ලා සිටි බවද මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad