දරුවන් අතර කොරෝනා වේගයෙන් පැතිරේ! යලි පාසැල් වසා දැමීමේ තත්වයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

දරුවන් අතර කොරෝනා වේගයෙන් පැතිරේ! යලි පාසැල් වසා දැමීමේ තත්වයක්!

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ එම වැඩිවීම පෙනී යන බවද ඒ මහතා පැවසීය.

එනිසා දෙමාපියන් ලෙස කළ යුතු වන්නේ දරුවන් ද රැකගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබා දීම බව ද ඔහු පවසයි.

කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය.

දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතා දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad