sajith meet to cradinal thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

sajith meet to cradinal thero

පාස්කු ප්‍රහාරයෙන් පසු විවිධ කුමන්ත්‍රණකරුවන් විවිධාකාර මඩ ප්‍රහාර සහ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවත් පදනම් විරහිත අභූත චෝදනා නගමින් සිය චරිතය ඝාතනය කිරීම සඳහා ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය සිදු වූ සැනින් ඒ පිළිබඳව සොයා බලමින් ප්‍රහාර සිදු වූ දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම උදෙසා තමන් ඉතා කඩිනමින් කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා මෙ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් වහාම විමර්ශනය කොට අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවද පැවසීය.

ආණ්ඩුව එය සිදුකරනවා වෙනුවට විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම හඬ නැඟූ සිය මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ශක්තිය සහ ධෛර්යය නිරන්තරයෙන් ලබා දුන්නා මිස, ඔවුන්ගේ මතවලට අංශුමාත්‍රයක බලපෑමක් නොකළ බවද පැවසීය.

කිසිම ආකාරයක සබඳතාවයක් තමා සහ බුද්ධි අංශ ප්‍රධානියා අතර නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ උපදෙස් පිළිගෙන දේශපාලනය කිරීමේ පුරුද්දක් තමාට නැති බව ද පැවසීය.

මේ පාස්කු ප්‍රහාරයේ යථාර්ථය රටට හෙළි නොකරන තාක්කල් රටට සුබදායක නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නට නම් ඒකාන්තවම එහි මහ මොළකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් පැවසීය.

මේ අතර පෑලියගොඩ සිට මීගමුව දක්වා ප්‍රදේශයේ කලපුව සංරක්ෂණයේ නාමයට මුවාවෙමින් නාගරීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා මේ තුලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව විපතට පත් වන බව ද පැවසීය.

විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පෙරවරුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේදී  බැහැ දුටුවේය. ඉන් අනතුරුව විපක්ෂනායකතුමා මේ අදහස් ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad