මීළඟට එන්නේ දින 100ක ජනාධිපතිවරයෙක් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 15, 2021

මීළඟට එන්නේ දින 100ක ජනාධිපතිවරයෙක් ?

මීළඟ ජනාධිපතිවරණය සඳහා විශේෂිත කොන්දේසි යටතේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

ඒ අනුව, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මූලික අරමුණ කරගනිමින් දින 100ක කාලයක් පමණක් ජනාධිපති තනතුර දැරීමේ පොරොන්දුව මත සියලු විපක්ෂ කණ්ඩායම් එකතු කරගනිමින් මෙම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. 

මේ සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව පමණක් නොව ඒ සඳහා වැඩපිළිවෙලක් මෙන්ම අදාළ පොරොන්දුව ඉටු කරනු ඇතැයි විශ්වාසය තැබිය හැකි පසුබිමක් සහිත විශේෂ පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතී. 

ඉදිරි පෙළ සමාජ ක්‍රියාකාරිකයින් පිරිසකගේ මූලිකත්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති අතර මේ සම්බන්ධයෙන් මෙරට මෙන්ම විදෙස්ගතව සිටින දේශපාලන ක්‍රියාකාරිකයින් සමග සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad