''කොටදෙණියාව පොලිසිය Fail: පරීක්ෂණ CIDයට දෙනවා'' - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 15, 2021

''කොටදෙණියාව පොලිසිය Fail: පරීක්ෂණ CIDයට දෙනවා''

චීන සමාගමේ පොහොර නෞකාවට වන්දි ගෙවීමට බැරි තරමට රට තල්ලු වී නැතැයි ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
පොහොර නෞකාවට වන්දි වීම සඳහා ඩොලර් මිලියන හය හමාරක් කොහෙන්දැයි අසන අයට දිය යුතු පිළිතුර වන්නේ ජාත්‍යන්තර වෙළඳාම සිදු වන්නේ පාර්ශව දෙකක් අතර වුවද එහිදී ගනුදෙනු සිදු වන්නේ බැංකුව දෙකක් අතර බව යැයිද ඔහු පැවසීය.

විපක්‍ෂය සිතා සිටින්නේ රටේ එකම ඩොලරයක් වත් නැතැයි කියා වුවත් දැනට සංචාරක ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බවත් විදේශ ශ්‍රමිකයන් ලක්ෂයට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇති බව අමතක නොකළ යුතු බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

රටේ පවතින ප්‍රශ්න එක රැයකින් අවසන් කරන්නට නොහැකි බවද පැවසූ ඔහු වසර දෙකක් තිස්සේ තිබූ වසංගතය යම් තරමක් සමනය වී ඇතත් අවසාන රෝගියා සුව තුරු රෝගය අවසන් වනු ඇතැයි ද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad