ඉන්ධන මිල ඉහළ දමයි - 92 පෙට්‍රල් මිල 177යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 20, 2021

ඉන්ධන මිල ඉහළ දමයි - 92 පෙට්‍රල් මිල 177යි


ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව  ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. 

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, එහි නව මිල රු.177කි.
එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.23කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, එහි නව මිල රු.207කි.

මීට අමතරව, ඩීසල් ලීටරයක මිල රු.10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.121කි.

සුපර් ඩීසල් ලීටරයක මිලද රු.10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල සඳහන් වන්නේ රු.159ක් ලෙසිනි.

මේ අතර භූමිතෙල් ලීටරයක මිලද රු.10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සඳහන් වන්නේ රු.87ක් ලෙසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad