වතුර බිලට පොලු තැබූ මැති ඇමතිලාට කරන්න යන දේ ගැන ඇමති වාසු කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 20, 2021

වතුර බිලට පොලු තැබූ මැති ඇමතිලාට කරන්න යන දේ ගැන ඇමති වාසු කියයි

සිය නිවෙස්වලට ලබාගත් ජලය වෙනුවෙන් බිල්පත් නොගෙවා ඇති මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රභූන්ගෙන් එම බිල්පත්වල සඳහන් මුදල මෙන් දෙගුණයක් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර පැවසීය.

එම බිල්පත් ගෙවීම තවදුරට ත් පැහැර හරින්නේ නම්, එම පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බව ද ඊට අවශ්‍ය බලය ජල සම්පාදන මණ්ඩලයට තිබෙන බව ද ඇමතිවරයා පැවසීය.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්, ප්‍රභූවරුන් ඇතුළු පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවට මාධ්‍ය කර තිබූ හෙළිදරව්ව සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad