අපි කැබිනට් පත‍්‍රිකාවකට විරුද්දව උසාවි යනවා.. ඒ ලෝක ඉතිහාසයේ පලමු වතාවටයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 12, 2021

අපි කැබිනට් පත‍්‍රිකාවකට විරුද්දව උසාවි යනවා.. ඒ ලෝක ඉතිහාසයේ පලමු වතාවටයි…

යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව විධිමත් ලෙස ඉදිරිපත් නොකළ බව අධිකරණය හමුවේ කරුණු දක්වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

කැබිනට් පත‍්‍රිකාවකට විරුද්ධව අමාත්‍යවරුන් තිදෙනෙකු අධිකරණයකට හමුවට ඉදිරිපත් වන්නේ ලෝක ඉතිහාසයේත් ලංකා ඉතිහාසයේත් පළමු වතාවට බවද ඔහු පැවසීය.

අදාළ ගිවිසුම මීට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් තමන් ද ඊට නිරීක්ෂණ ලිඛිතව ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා සදහන් කලේය.

එම ගිවිසුමේ රටට අහිතකර කරුනු ඇති බවත් ඉදිරි අධිකරණ ක්‍රියාවලියේ දී ඒවා සාකච්ඡාවට බඳුන්වන ඇති බව ඔහු තව දුරටත් පැවසීය.

කොළඹ පැවති උත්සව අවස්ථාවක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad