පළමු වරට රාජපක්ෂවරු ජන්දයක් කල් දමයි! පුංචි ජන්දය අවුරුද්දකින් පස්සට දාන කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුවට එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 15, 2021

පළමු වරට රාජපක්ෂවරු ජන්දයක් කල් දමයි! පුංචි ජන්දය අවුරුද්දකින් පස්සට දාන කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුවට එයි!

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

කැබිනට් පත්‍රිකාව ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත්, එය ඉකුත් සඳුදා (13) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නැති බව ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ,මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් හමුවි සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ

2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා සහ ප්‍රාදේශීය සභා වලට තේරීපත්වූ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතය .

එම පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අති බහුතරයක බලය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය .

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමට පළාත් පාලන පනත අනුව, විෂය භාර ඇමැතිවරයාට බලය හිමිවේ .

ඒ අනුව, රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් පාලන ආයතන වල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.

ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය . -ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad