ඇමති ප‍්‍රසන්නට ද්විත්ව පුරවැසි කාන්තාවකගෙන් ප‍්‍රබල චෝදනාවක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 28, 2021

ඇමති ප‍්‍රසන්නට ද්විත්ව පුරවැසි කාන්තාවකගෙන් ප‍්‍රබල චෝදනාවක්…

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් වංචාවක් කර ඇතැයි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රජීවි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ඉඩම් කොල්ලකා ඇති බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සියලු ලේඛන ඇති බවත් ඇය කියා සිටියි.

ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ඇය මේ බව හෙළි කරන්න අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේද වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නීතිඥවරුන් විසින් ඇය වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ අමාත්‍යවරයාට ඇය විසින් සිදු කරන ලද අපහාමය හේතුවෙන් රුපියල් කොටි 50ක වන්දි මුදලක් දින 14ක් ඇතුලත ගෙවන ලෙසත් එසේ නොගෙවන්නේ නම් එම කාලයෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
 

No comments:

Post a Comment

Post Bottom Ad