පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට බේරුවල නගරාධිපති කනට ගහලා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 17, 2021

පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට බේරුවල නගරාධිපති කනට ගහලා…

බේරුවල නගරාධිපති අල්හාජ් මසාහිම් මොහොමඩ් තමන්ගේ කන ප්‍රදේශයට පහර දුන් බව පවසමින් 18 හැවිරිදි තරුණයකු ඊයේ (16) බේරුවල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

බේරුවල දිනගොඩ ප්‍රදේශයේ මාර්ගය අසළ කුඩා ලොරි රථයක එළවළු සහ පළතුරු වෙළඳාමේ යෙදෙන අවස්ථාවේදී කැබ් රථයකින් පැමිණි නගරාධිපති අනවසර වෙළඳාමක් යැයි පවසමින් තරුණයාට බැන වැදී ඇත. එම අවස්ථාවේ තරුණයා හා නගරාධිපති අතර බහින්බස් වීමක් සිදුව තිබේ. එම බහින්බස්වීම දුරදිගයාමෙන් අනතුරුව ඇතිවූ උණුසුම්කාරී තත්වය තුළ නගරාධපිති අවස්ථා දෙකකදී තම කනට පහර දුන් බව තරුණයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

බහින්බස් වීම සිදුවන අවස්ථාවේදී තරුණයා වෙළදාම් කරන රථයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ඇති අතර නගරාධිපතිවරයා තරුණයාගේ කනට පහර දෙන අවස්ථාවේදී එම කාන්තාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කර ඇතැයිද පොලීසිය කියයි.

සිද්ධිය සැලවූ වහාම බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දෙපාර්ශ්වයම පොලිසියට කැඳ වීමට පියවර ගත් බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad