ලිත්‍රො ගෙන්වූ ගෑස් තොගයක් ප‍්‍රමිතියෙන් තොර බව හෙලිවේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 13, 2021

ලිත්‍රො ගෙන්වූ ගෑස් තොගයක් ප‍්‍රමිතියෙන් තොර බව හෙලිවේ..

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් නිසි ප්‍රමිතියෙන් තොර බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි වාර්තා වෙයි.
ගෑස් කාන්දු වලදී විශේෂ ගන්ධයක් ඇති වීම වෙනුවෙන් එක් කරන එතිල් මර්කැප්ටන් රසායනික ප්‍රමාණය පහළ මට්ටමක පවතින බව එහිදී හෙළි වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම තත්ත්වය හෙළි වී ඇත.

එමෙන්ම එහි ප්‍රොපේන් 29%ක් හා බියුටේන් 69%ක් පවතින බව ද හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගෑස් නැව් කිහිපයකම සාම්පල පරීක්ෂා කිරීම වන විට සිදුවෙමින් පවතී.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ ප්‍රමිතියෙන් තොර බව හෙළි වුවහොත් ඒවා නැවත ප්‍රති අපනයනය කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad