මුදල් ඇමති බැසිල් ඇමරිකානු පුරවැසියෙක්.. ඇමරිකාවට පළමු තැන දෙනවැයි ඔහු දිවුරා තිබෙනවා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 20, 2021

මුදල් ඇමති බැසිල් ඇමරිකානු පුරවැසියෙක්.. ඇමරිකාවට පළමු තැන දෙනවැයි ඔහු දිවුරා තිබෙනවා…

අද වන විට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට පැහැදිලි වැඩි පිළිතුරක් රජය පැත්තෙන් ඉදිරිපත් කර නැතැයි ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මේ වන විට රටේ පවුල් ඒකක 60% ක් දරිද්‍රතාවෙන් පෙළෙමින් සිටින බව ද ඒ මහතා පැවැසීය.

මෙම තත්ත්වය මත මෙරට ඉදිරි පරම්පරාව මන්දපෝෂණයෙන් පෙලීමේ අවදානමක් ඇති බවත් දැනටමත් වයස අවුරුදු 5 ට අඩු ළමයින් පස්දෙනෙකුගෙන් අයෙක් මන්ද පෝෂණයෙන් පෙලෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

දිගින් දිගටම ජනතාව පීඩනයට ලක් කිරීම තුළ ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ආණ්ඩුව පරාජය වීමට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කළේය.

‘අපේ මුදල් ඇමති ඇමරිකානු පුරවැසියෙක්. ඇමරිකාවට පළමු තැන දෙනවා කියා ඔහු දිවුරා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපේ රටට මුල්තැන දෙන්නේ කොහොමද’ යැයි ඔහු ප්‍රශ්න කළේය.

ලංකා සමසමාජ පක්ෂයේ 86 වැනි සංවත්සර සමුළුවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad