ඉන්ධන මිල ජනතාවට දැනෙන්න දිය යුතුයි… නැතොත් ඔහේ ගමන් බිමන් යනවා..- සුමනවීර බණ්ඩා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 24, 2021

ඉන්ධන මිල ජනතාවට දැනෙන්න දිය යුතුයි… නැතොත් ඔහේ ගමන් බිමන් යනවා..- සුමනවීර බණ්ඩා

පෙට්ට්‍රල් ඩීසල් වල මිල ජනතාවට දැනෙන්න හැරිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමනවීර බණ්ඩා මහතා පවසයි. එසේ නොකළහොත් ජනතාව පුරුදු විදිහට ඔහේ ගමන් බිමන් යනු ඇත ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම සියලු දේවල් ජනතාව ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඉගෙන ගත යුතු බවද ඔහු පැවසීය.

තමන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ පසු මෝටර් රථයක් සහ මෝටර් බයිසිකලයක් ගත් බවත් මෝටර් රථයෙන් සියළු ගමන් යන්න තමන්ගේ වැටුප මදි නිසා වැඩිපුර ගමන් මෝටර් බයිසිකලයෙන් ගිය බවද පැවසූ ඔහු ආරම්භ කළ යුත්තේ එසේ බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad