අනුර දිසානායකගෙන් යුගදනවි ගිවිසුමේ පිටපත් ඉල්ලා ඇමතිවරු පොරකති… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 10, 2021

අනුර දිසානායකගෙන් යුගදනවි ගිවිසුමේ පිටපත් ඉල්ලා ඇමතිවරු පොරකති…

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ ගිවිසුමේ පිටපතක් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් විසින් එය පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පසු බොහෝ කැබිනට් ඇමතිවරුන් තමන් අමතා එහි පිටපතක් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

මෙම ගිවිසුම මුදල් අමාත්‍යවරයා හැර වෙනත් කිසිම ඇමතිවරයකු දැන නොසිටි බවද පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවට අමුතුවෙන් සභාගත කිරීමට කිසිදු ගිවිසුමක් නැති බවද මෙය අදාළ ගිවිසුෙම් සත්‍ය පිටපතක් බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad