එජාප නායකත්වය මට දෙනු..- වජිර කෙලින්ම රනිල්ගෙන් ඉල්ලයි.. යෝජනාවක්ද සම්මත කරගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 9, 2020

එජාප නායකත්වය මට දෙනු..- වජිර කෙලින්ම රනිල්ගෙන් ඉල්ලයි.. යෝජනාවක්ද සම්මත කරගනී

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය තමන්ට ලබා දෙන්නැයි එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

තමන් මෙම ඉල්ලීම පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද කල බව ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය අතහරින දැනුම් දී ඇති බවද පැවසූ ඔහු නව නායකත්වය විධිමත් ආකාරයෙන් පත් කළ යුතු බවත් පැවසිය.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය ඊයේ දිනයේ යෝජනාවක් සම්මත කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය වජිර අබේවර්ධන මහතාට ලබා දිය යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad