ඩොලර් හිඟය උග්‍ර වෙයි! රටේ රන් සංචිත විකුණන්න කැබිනට්ටුවට යෝජනාවක් එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 19, 2021

ඩොලර් හිඟය උග්‍ර වෙයි! රටේ රන් සංචිත විකුණන්න කැබිනට්ටුවට යෝජනාවක් එයි!

විදේශ සංචිතවල ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීම සඳහා රටේ රන් සංචිත විකිණීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට පසුගිය සතියේ යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
කෙසේ වෙතත්,අමාත්‍යවරුන් ඊට විවිධ අදහස් පළ කොට ඇති බව දැනගන්නට තිබේ.

බොහෝ දෙනකු පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් රජයට ලබා ගත යුතු බවකි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නොමැති බව දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad