ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එක් වී නව 'සුපිරි ප්‍රභේදයක්' ඇති වීමේ අවදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 19, 2021

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එක් වී නව 'සුපිරි ප්‍රභේදයක්' ඇති වීමේ අවදානමක්

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා යන කොරෝනාවෛරස ප්‍රභේද දෙක ම යම් අයෙකුට එකවර ආසාදනය වීමෙන් "නව සුපිරි ප්‍රභේදයක්" නිර්මාණය විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍යයේ තාක්ෂණ කමිටුව හමුවේ එරට පර්යේෂකයින් පසුගිය සතියේ සඳහන් කර ඇත්තේ, මේ වන විට එරට තුළ⁣ මෙම ප්‍රභේද දෙක ම ව්‍යාප්ත වීමේ අධික වේගය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතින බව ය. 

බ්‍රිතාන්‍යයේ ද මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් 14,000 ඉක්මවා වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

බූස්ටර් එන්නත් මාත්‍රාව ද ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව  සියයට 85ක පමණ ප්‍රතිශක්තිකරණයක් නිපදවන බවට ද බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

මේ වන විට ලොව පුරා බොහෝ රටවල්වලින් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad