අපේ ආණ්ඩුවේ කොන්දේසි වලට IMF යටත් වෙනවා නම් අපි ණය ගන්නවා - පොහොට්ටු මන්ත්‍රී සහන් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 14, 2021

අපේ ආණ්ඩුවේ කොන්දේසි වලට IMF යටත් වෙනවා නම් අපි ණය ගන්නවා - පොහොට්ටු මන්ත්‍රී සහන් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආණ්ඩුවේ කොන්දේසි වලට යටත් වන්නේ නම් ඔවුන්ගෙන් ණය ලබාගැනීමට ආණ්ඩුව සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි. 

ප්‍රශ්නය - IMF එකෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළාද ? මොකක්ද ඒ ගැන තීරණය ?  

"ඒ කියන්නෙ ... ණය ලබාගැනීම එදා ඉඳන්ම සිද්ධ වුණා. අපට බලහත්කාරයෙන් ණය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. අපි ලංකාවෙන් දාන, අපි ආණ්ඩුවෙන් දාන්න බලාපොරොත්තු වෙන කොන්දේසිවලට යටත්ව ණය දුන්නොත් ගන්න අපි සූදානම්. හැබැයි IMF එකෙන් දාන දැඩි කොන්දේසි පිළිඅරගෙන ණය ගන්න අපි සූදානම් නෑ" 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා මේ බව පැවසුවේ ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad