ආර්ථිකය කවුරු මෙහෙයවනවද දන්නේ නෑ! මාසෙ ඉවර වෙද්දි එනවා කියන ඩොලර් එන්නෑ කියලා අපි දන්නවා! මේ බොරුවත් එක්ක ඉදිරියට යන්න බෑ! අනුර යාපාගෙන් යළිත් ආණ්ඩුවට බර ප්‍රහාරයක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 14, 2021

ආර්ථිකය කවුරු මෙහෙයවනවද දන්නේ නෑ! මාසෙ ඉවර වෙද්දි එනවා කියන ඩොලර් එන්නෑ කියලා අපි දන්නවා! මේ බොරුවත් එක්ක ඉදිරියට යන්න බෑ! අනුර යාපාගෙන් යළිත් ආණ්ඩුවට බර ප්‍රහාරයක්! (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද දිනයේදී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කිරීමට කටයුතු කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ අයුරින් රටට ඉදිරියට යා නොහැකි බවත්, ආණ්ඩුවේ නිලධාරීන් හා ප්‍රධානීන් රටට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවත්ය.

ආණ්ඩුවේ ප්‍රධානීන් මාසය අවසන් වනවිට ඩොලර් මෙතරම් ප්‍රමාණයක් රටට එන බව කීවද එසේ සිදු නොවන බව ඔවුන් මෙන්ම අපද දන්නා බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එම නිසා රට ඉදිරියට ගෙන යා හැත්තේ ජනතාවට සත්‍ය ප්‍රකාශ කළහොත් පමණක් බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad