PBට එරෙහිව කැබිනට් කැරැල්ලක්.. ඉවත් කරන්නැයි ජනපතිට කියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 11, 2021

PBට එරෙහිව කැබිනට් කැරැල්ලක්.. ඉවත් කරන්නැයි ජනපතිට කියයි…

ජනාධිපති ලේකම් ධුරයෙන් පී බී ජයසුන්දර මහතා ඉවත් කරන්නැයි ඉල්ලා සිටීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

මෑතක දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ලේකම් වරයාව දැඩි ලෙස විවේචනය කිරීමෙන් පසු මෙම පියවර ඉක්මන් වී තිබේ.

මේ පිළිබඳ අමාත්‍ය පිරිසක් එළඹෙන සතියේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පී බී ජයසුන්දර මහතා මෑතකදී තම හිතවතුන් සමඟ සඳහන් කර ඇත්තේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඊට ආසන්නතම හේතුව වී තිබුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඔහුව දැඩි ලෙස විවේචනය කිරීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad