එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න - විමල් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 18, 2021

එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න - විමල් (VIDEO)

යුගදනවි ගිවිසුම සම්බන්ධ අදභූත කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවට කැබිනට් ලේකම්වරයා එවූ සටහන පිළිගැනීමට නොහැකි බවත් සිදු නොවුණු යමක් සිදුවුණේ යැයි කියන්නේ නම් එතැනදී කැබිනට් සාමුහික වගකීමට තමන්ගේ බැඳීමක් නොමැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

"සාමුහික වගකීමට බැඳෙනවා සිද්ධ වෙච්ච දේකට. සිද්ධ නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට, එතකොට එතන සාමුහික වගකීමට බැඳිමක් නෑ. සිද්ධ වෙච්ච දෙයකට නම් අපි සාමුහික වගකීමට බැඳීමක් තියෙනවා ඇත්තටම, අපි එකඟ වුණත් නැතත් ඒ දේට. මෙතන කිසිම දෙයක් සිද්ධ නොවී අද්භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මිනිට්ස්වල ඊට පහුවෙනිදා තිබ්බයි කියලා අපට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නවා නම් මේ රටේ ජනතාවට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු" 

ප්‍රශ්නය - ඔබතුමාලාට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද, නැත්නම් වෙනම ගමනක් යන්න සූදානමක්ද මේ තියෙන්නෙ ?

"ඒවා ඉතිං කලබල වෙන්න එපා අනේ. ඕගොල්ලොන්ට හරී වුවමනාවක් තියෙනවාද ඉක්මනට අපිව එළියට ගන්න ?" 

ප්‍රශ්නය - ඔය වගේ සාමුහික වගකීම කඩලා ප්‍රශ්න වෙලා තියෙනවානෙ ඉස්සර ?

"හරි, හරි, හරී .... ප්‍රශ්න වුණා කියලා ප්‍රශ්නයක් නෑ"

ප්‍රශ්නය - ඒ කියන්නෙ ඇමතිතුමා මෙතන රඟපෑමක්ද වෙන්නෙ ?

"එහෙම පේනවා නම් එහෙම හිතාගන්න ඉතිං. අපි මොකද කරන්නෙ ?" 

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (17) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad