චණ්ඩි නොන්ඩි වෙයි : මං කියන දේ මොනවා හරි අවුලක් තියෙයිද දන්නෑ – විමල් දිනේෂ් රහස් කතාබහක (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 6, 2022

චණ්ඩි නොන්ඩි වෙයි : මං කියන දේ මොනවා හරි අවුලක් තියෙයිද දන්නෑ – විමල් දිනේෂ් රහස් කතාබහක (VIDEO)

ආණ්ඩුව තුළ කැරලිකාරී ලෙස හැසිරුණු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි කුඩා පක්ෂ නායකයින් මේ වනවිට දමනය වෙමින් පවතින ස්වභාවයක් පෙන්නුම් කරමින් සිටී.

මෙහි නවතම තත්වය වූයේ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සෘජු ප්‍රකාශයක් ලබාදීමට දක්වන අකමැත්තයි.

ඊයේ (05) මාලබේ ප්‍රදේශයේ පාසලක පැවති මුල්ගල් තැබීමේ උත්සවකයට පැමිණ සිටි විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන යන අමාත්‍යවරුන් වෙතින් ද මේ තත්වය දැකගත හැකිවිය.

සුසිල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම විමල් වීරවංශ මහතාට පවරමින් දිනේෂ් ගුණවර්ධන මහතා කර ඇරිය අතර විමල් වීරවංශ මහතා එහිදී “මං කියන දේ මොනවා හරි අවුලක් තියෙයිද දන්නෑ” යනුවෙන් රහසින් දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසන ආකාරය ද දක්නට ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad