ස්විස් බැංකුවේ සල්ලි දැමූ ලිස්ට්එක එළියට පනියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 21, 2022

ස්විස් බැංකුවේ සල්ලි දැමූ ලිස්ට්එක එළියට පනියි!

ලොව විශාලතම පෞද්ගලික බැංකුවක් වන ස්විට්සර්ලන්තයේ ‘ක්‍රෙඩිට් ස්විස්’ හි (Credit Suisse) තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවේද ඇතුළුව ලොව පුරා රටවල් රැසක බරපතළ අපරාධවලට සම්බන්ධ ගනුදෙනුකරුවන් රාශියකගේ තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 100කට (රුපියල් කෝටි 2,208,000කට වැඩි වටිනාකමකින් යුත්) වැඩි සැඟවුණු ධනය පිළිබඳ තොරතුරු එහි ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ (The Guardian) පුවත්පත කියා සිටී.

මෙම සුවිශේෂී අනාවරණයට අනුව ලොව පුරා සිටින ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ වධහිංසන පැමිණවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය සහ වෙනත් බරපතළ අපරාධවලට සම්බන්ධ ගනුදෙනුකරුවන් 30,000කගේ ගිණුම් තොරතුරු කාන්දු වී ඇත.

මෙම ස්විස් ගිණුම් සම්බන්ධ ලොව පුරා රටවල් 120කට අයත් වූවෝ සිටින බව ද ගාර්ඩියන් වාර්තාව පෙන්වාදී තිබේ.

අදාළ වාර්තාවේ ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන් පිළිබඳව සෘජුව සඳහන් කර ඇති නමුත්, එම වාර්තාව සමග ඉදිරිපත් කර ඇති ගනුදෙනුකරුවන් රැඳී සිටින රටවලට අදාළ සිතියමේ ශ්‍රී ලංකාවද සලකුණු කර තිබීම විශේෂ සිද්ධියකි.

මෙලෙස තොරතුරු අනාවරණය කර ඇති ඇතැම් ගිණුම් ආරම්භ කර ඇති කාලය 1940 වර්ෂය දක්වා දිවෙන නමුත් හෙළි වී ඇති සමස්ත ගිණුම්වලින් තුනෙන් දෙකක්ම විවෘත කර ඇත්තේ 2000 වසරින් පසුව බවද වාර්තා වේ.

-srilankamirror


No comments:

Post a Comment

Post Bottom Ad