කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කරවා ගැනීම සදහා ගෙන යන ජාත්‍යන්තර සටනට අවශ්‍ය සියලු සහාය ලබා දීමට ශුද්ධෝත්තම පාප් වහන්සේ් එකගතාව පළ කොට ඇත.
ඊයේ දිනයේදී පාප් වහන්සේ සහ කාදිනල් හිමියන් අතර වතිකානුවේදී පැවැති විශේෂ සාකච්ජාවේදී උන්වහන්සේ මේ බව දැනුම් දී ඇත.
මෙම හමුව පැයක කාලයක් පුරා පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කාදිනල් හිමිපාණන්ට පාප් වහන්සේ වෙතින් හිමිවූ ඉහළ පිළිගැනීමය.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු හෝ වේවා පල්ලියේ නියෝජිතයකු හෝ වේවා පාප් වහන්සේ මුණගැසීමේදී සිදුවන්නේ විශාල සාකච්ජා මේසයක එම නිල හමුව සිදුවීමය.
නමුත් මෙවර කාදිනල් හිමියන් සමග පාප් වහන්සේ පැවැත්වූ සාකච්ජාව ඉන් ඔබ්බට ගොස් අතිශය සමීප ආකාරයට පැවැත්වී තිබීම විශේෂ සිදුවීමකි.

No comments:
Post a Comment