ආණ්ඩු පෙරළිය ස්ථිරයි - ජන රැළියේදී අනුරගෙන් සහතිකයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 23, 2022

ආණ්ඩු පෙරළිය ස්ථිරයි - ජන රැළියේදී අනුරගෙන් සහතිකයක්!

ජනතාව පීඩාවට පත්කරන වත්මන් ආණ්ඩුව නිසැකවම පළවා හරින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වසර 74 ක සාපය නිමා කරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් පැවති විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

අප ඉදිරියේ ඇත්තේ තවදුරටත් පක්ෂවලට බෙදී එකිනෙකා අතර වෛරයෙන් ගොඩ නැගිය හැකි රටක් නොවන බවයි ඔහු සඳහන් කළේ.

රටේ දුවා දරුවන්ට හා  තරුණ තරුණියන්ට නව රටක් නිර්මාණය කිරීම සඳහා පෙළ ගැහෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියලුම දෙනාට එහිදී ආරාධනා කළා.

ඉන්ධන මිල අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, ලයිට් නැතෙ තෙලුත් නැතේ, ගෑස් නැතේ පිටියක් නැතේ, මීට වඩා ඉවසනු බැහැ,රට හදන්න වරෙව් පුතේ යනාදී සටන් පාඨ කියමින් මෙම විරෝධතා පෙළපාලිය ගමන් කරනු ලැබුවා.

විරෝධතා පෙළපාලිය නිසා හයිලෙවල් මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් දැඩි රථවාහන තදබදයක් පැවතුණා.

ජන රැළියට පැමිණි ජනතාවගෙන් නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ සිට කෝට්ටේ පාර නාවල පාර දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසි ගිය අතර රථ වාහන සදහා විකල්ප මාර්ග භාවිතා කරන්නට සිදු වුණා.

මෙම පෙළපාලියට හා රැළියට ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු නායක නායිකාවෝ විශාල පිරිසක් එක්ව සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad