අර්බුදය හමුවේ බැසිල්ගෙන් යළිත් අයවැයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 23, 2022

අර්බුදය හමුවේ බැසිල්ගෙන් යළිත් අයවැයක්!

පවතින අර්බුදකාරී තත්ත්වයට අනුකල වන පරිද්දෙන් සුදුසු යෝජනා ඇතුළත් නව අයවැයක් ලබන මාසය තුළදී ගෙන ඒම පිළිබඳව සලකා බලන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23) පැවසීය. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමති මණ්ඩලය අනුමත කරන්නේ නම් නව අයවැයක් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා රටේ ජනතාව විඳින දුක්ඛදායක තත්ත්වය පිළිබඳව රජයට අවබෝධයක් තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී ජනතාවට සහන ලබා දීමේ වැඩපිළවෙළක් තමන් සතු බවද පැවසීය. විශේෂයෙන් සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී එම සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පවතින බවත් මේ වනවිටත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට අදාල වැඩපිලිවෙළක් සකසමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

එසේම බැසිල් රාජපක්ෂ මහතා මෙහිචී සඳහන් කළේ මේ වනවිටත් පවතින අර්බුදය හමුවේ රජය ගත යුතු ක්‍රියාමාර්ග පිළබඳව විවිධ පාර්ශ්ව විසින් විවිධ යොජනා ගෙන එනු ලැබ ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කටයුතු සහ ඉදිරි ණය ප්‍රතිව්‍යූහගත කිරීම් වැඩ කටයුතු සඳහා සුදුසු මූල්‍ය උපදේශකයකු පිළිබඳව අවධානය යොමු කළ බවද මේ සඳහා සුදුසකම් සහිත පුද්ගලයන් රට තුළ සොයා ගත නොහැකි බවද ඔහු සර්ව පාක්ෂික සමුළුව හමුවේ දන්වා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad