හිරුණිකා අත්අඩංගුවට…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 6, 2022

හිරුණිකා අත්අඩංගුවට…?

තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූයේ යයි චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සූදානම් කර ඇතැයිද ඇය පැවසුවාය.

කෙසේ වෙතත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තමන් ඇතුළු පිරිස කිසිදු අපරාධයක් සිදුකර නොමැති බවත් ඇය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad