යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 30, 2022

යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක!

දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට බරපතල බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිදුවන බරපතල අක්‍රමිකතා පිළිබඳ සොයා බලමින් ඊට අදාළ පරීක්ෂණ වාර්තා වලට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගමන් කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට ඇයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සමාජිකයින් කැරැල්ලක් අරඹා ඇති බව ඇය සඳහන් කරයි.

මේ සඳහා විෂය භාර අමාත්‍ය සී බී රත්නායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද සෘජුවම සහය පළ කරන තත්ත්වයකට පත්ව ඇති බව ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පෙන්වා දෙයි.

රුපියල් මිලියන ගණනක මුල්‍ය වංචාවන් මෙන්ම සත්ව බිත්තර සහ සත්ව ජාවාරමක් ද දෙහිවල සත්වෝද්‍යානය තුළ මේ වනවිට ක්‍රියාත්මක බවද ඇය අනාවරණය කරයි.

ඇය සඳහන් කරන්නේ මෙම තොරතුරු පිළිබඳ කරුණු සොයා බැලීම සහ අනාවරණය කිරීම හේතුවෙන් ඇය මරා දැමීම සඳහාද දේශපාලඥයින් විසින් ඇතැම් කණ්ඩායම් උසිගන්වන තත්ත්වයකට පත්ව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක වූ වියත් රජය සංවිධානයේ ආරම්භක සාමාජිකාවක ද වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරියක ලෙසද කටයුතු කර ඇත.

අන්තර්ජාලය නාළිකාවක් සමඟ නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර තිබෙන්නේ ඒ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවිධ ආයතන සඳහා පත්කරන ලද වියත්මග සමාජිකයන්ට සැලසුම් සහගතව පහර දී ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමේ කිරීමේ උත්සාහයක් පවතින බවයි.

ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් කටයුතු කරමින් සිටින බව ද ඇය මෙහිදී හෙළි කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad