හිටපු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක ගජමුතු සමග මාට්ටු...කාන්තාවකුත් ඒ අතර! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 25, 2022

හිටපු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක ගජමුතු සමග මාට්ටු...කාන්තාවකුත් ඒ අතර! (VIDEO)

ගජමුතු විකිණීමේ සිද්ධියකට අදාළ ව අම්පාරේදී අත් අඩංගුවට ගත් හිටපු ඇමති පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අනුව අදාළ සැකකරුවන් අප්‍රේල් මස 07 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබෙනු ඇති.

නීතිවිරෝධී ගජමුතු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට පත් වූයේ අද පෙරවරුවේ යි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.

ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේදී යි.

සැකකරුවන් සන්තකයේ තිබී ගජමුතු 3ක් සහ මැණිකකට සමාන පාෂාණයක් හමුවූ බව සඳහන්.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සැකකරුවන් සතුව තිබී පිස්තෝල අවියක්, ඊට යොදන උණ්ඩ 8ක් ද සොයාගත් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad