පොහොට්ටුවේ පසු පෙළ 10 අනුරටත් ලියති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 28, 2022

පොහොට්ටුවේ පසු පෙළ 10 අනුරටත් ලියති!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය අපේක්ෂා කරමින් සහ ඒ ගැන සාකච්ඡාවකට අවස්ථාවක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දසදෙනාගේ කණ්ඩායම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ලිපියක් යොමුකර ඇත.

ජනතා විශ්වාසය බිඳ වැටී ඇති මොහොතක විරුද්ධ පක්ෂ නොතකා පක්ෂ කිහිපයක් විසින් පිහිටුවනු ලබන රජයක තීරණ සාර්ථකව ක්‍රියාත්මක කළ නොහැකි යැයි ද එවැනි තීරණ මහජනතාව පිළිගන්නේ නැති බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම මන්ත්‍රී කණ්ඩායම සිය ලිපියේ සඳහන් කර ඇත.

තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අනන්‍ය වූ අරමුණු ඇතත් සියලුදෙනාට ම දේශපාලනය කළ හැක්කේ රටක් ඉතිරි වුවහොත් පමණකැයි ද රට මුහුණ දී ඇති අර්බුදය ගැන ඉතා හොඳ අවබෝධයක් අනුර කුමාර දිසානායක මහතාට ඇතැයි ද ඔවුහු පවසති.

එම නිසා වත්මන් අර්බුදය විසඳාගත හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහභාගි කරගත් පාලනයක් ස්ථාපිත කිරීමෙන් බව තම කණ්ඩායමේ අදහස යැයි ද ඊට ජාතික ජන බලවේගයේ නායකයාගේ සහාය අපේක්ෂා කරන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

කේ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, නීතිඥ උදයන කිරිඳිගොඩ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කරුණාදාස කොඩිතුවක්කු, අකිල එල්ලාවල, වෛද්‍ය උපුල් ගලප්පත්ති, සුදත් මංජුල හා උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරු මෙම කණ්ඩායමට අයත් වෙති

No comments:

Post a Comment

Post Bottom Ad