මහින්ද පුටුවෙන් බිමට දමමින් පොහොට්ටුවේ තවත් 10ක් විපක්‍ෂයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 28, 2022

මහින්ද පුටුවෙන් බිමට දමමින් පොහොට්ටුවේ තවත් 10ක් විපක්‍ෂයට..

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යතුමා සිය පදවියෙන් ඉවත් නොවන්නේ නම් පසුපෙළ මන්ත්‍රීවරු දසදෙනාගේ කණ්ඩායම ලෙස දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම දී පැවති මාධ්‍ය හමුවකදීය, “අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්න කෙනෙක්.

අපි අග්‍රාමාත්‍යතුමා සමඟත් සාකච්ඡා කළා,එතුමා ඕන වෙලාවක රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානමින් ඉන්න බව කියන පණිවිඩය අපට දුන්නා.

හැබැයි අග්‍රාමාත්‍යතුමා ට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නෙ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා.

ඒ අය එහෙම කරනවා නම් කරන්නේ වෙන මොකුත් නිසා නොවෙයි තමන්ගේ හොරමැරකම් ආරක්ෂා කරගන්න, තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න දෙන්නේ නැත්තෙ කියන හැඟීම තමයි අපිට තියෙන්නෙ.

මේ වෙලාවේ තියෙන්නේ තමන් ආරක්ෂාවක් වෙන වෙලාවක් නෙමෙයි, රට ආරක්ෂා කරගන්න වෙලාවක්,

ඒ නිසා මම ඉතා ගෞරවයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාත් මේ තීන්දු තීරණ අරගෙන සියලුම පක්ෂ එකතු වෙලා මේ සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලා.

එහෙම ඉඩ දෙන්නේ නැතිනම් අපි දස දෙනාට අනිවාර්යෙන්ම දැඩි තීන්දුවකට මේ වෙනුවෙන් ගන්න වෙනවා.”

යම් හෙයකින් මෙම මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කළ හොත් ආණ්ඩුවට ඇති සාමාන්‍ය බහුතරයද අහිමිවීමට ඉඩක් තිබේ.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
– අද

No comments:

Post a Comment

Post Bottom Ad